ගුරු පුහුණු වැඩසටහන

මෙම පාඨමාලාව එක් අවුරුදු පුණ්‍ය කාලීන ගුරු පුහුණු පාඨමාලාවක් වන අතර ඉංග්‍රීසි, පරිගණක සහ දෙමළ භාෂාව යන විෂයන් ත්‍රිත්වයම ඉගැන්වීමේ දුර්ලභ හැකියාව සහිත දක්ෂ ගුරුවරුන් පිරිසක් බිහි කිරීම මෙම ගුරු පුහුණු පාඨමාලාවේ මූලික අරමුණ වේ. එම ගුරුවරුන්ගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ S.M.I.D.F. වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීම සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්හට අවස්ථාව ලබාදීමත්, එම ගුරුවරුන්ගේ කළමණාකාරීත්වය යටතේ S.M.I.D.F. අනුබද්ධිත මධ්‍යස්ථාන ආරම්භ කිරීමත් මෙම ව්‍යාපෘතියේදී බලාපොරොත්තු වේ. මීට අමතරව මෙම පාඨමාලාව හදාරා අවසන් කර S.M.I.D.F. හා කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන පුද්ගලයින්ට මෙම සුවිශේෂී දැනුම හා හැකියාව උපයෝගී කරගෙන ඉහත පාඨමාලා ත්‍රිත්වයම ඉගැන්වීම සඳහා තමන්ගේම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට හෝ ජාත්‍යන්තර පාසලක හෝ වෙනත් පෞද්ගලික අංශයේ ආයතනයක ගුරුවරයෙකු වශයෙන් සේවය කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

අයදුම්කිරීම සඳහා මූලික සුදුසුකම්

  1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  2. අයදුම් කරන දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35ට නොවැඩි අයවළුන් විය යුතුය.
  3. අයදුම් කරන ප්‍රදේශය තුල අවම වශයෙන් වසර 03ක ස්ථිර පදිංචිය තහවුරු කල යුතුය.
  4. අයදුම් කරන අවස්ථාව වන විට මනා කායික හා මානසික සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතු අතර කිසිදු හේතුවක් මත අධිකරණයකින් වරදකරුවෙකු නොවූ පුද්ගලයෙකු විය යුතුය.
  5. මෙය සතියකට දින 05 ක් පැවැත්වෙන පූර්ණ කාලීන පාඨමාලාවක් වන බැවින් වෙනත් පාඨමාලා හදාරන හෝ රැකියාවේ යෙදී සිටින අය අයදුම්කිරීමෙන් වැලකිය යුතුය.
  6. අභ්‍යාසලාභීන් සතු සන්නිවේදන හැකියාව, සමාජ සම්බන්ධතා සහ කළමණාකරණයේ ඇති දක්‍ෂතාවයන් සඳහා සම්මුඛ පරීක්ෂණයේදී විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත.

අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්

පරිගණක ගුරු තනතුර සඳහා :- ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව සහිතව අ.පො.ස(සා/පෙළ) විෂය නිර්දේශය සමත්වීම හා අ.පො.ස(උ/පෙළ) ඕනෑම විෂය ධාරාවක් යටත්තේ විෂයන් 2 ක් සමන්ව තිබීම පිළිගත් ආයතනයක පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි)

දෙමළ භාෂා ගුරු තනතුර සඳහා :- අ.පො.ස(සා/පෙළ) ගණිතය, විද්‍යාව, මව්බස සමග සමන්වීම සහ අ.පො.ස උ/පෙළ) විෂයන් 2 ක් සමත්වී තිබීම (පිළිගත් ආයතනයක හෝ පාසලේදී විෂයක් ලෙස දෙමළ භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමකි.)

ඉංග්‍රීසි භාෂා ගුරු තනතුර සඳහා :- ඉංග්‍රීසි භාෂාව සඳහා ‘C” සාමාර්ථයක් සහිතව අ.පො.ස(සා/පෙළ) විෂය නිර්දේශය සමන්වීම සහ අ.පො.ස(උ/පෙළ) ඕනෑම විෂය ධාරාවක් යටතේ විෂයන් 2 ක් සමත්වී තිබීම (පිළිගත් ආයතනයක ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි)