තොරතුරු තාක්ෂණ ඒකකය

තොරතුරු තාක්ෂණ ඒකකයෙන්

පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයද තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වෙමින් වඩාත් කාර්‍යක්ෂම නිෂ්පාදන හා සේවාවන් ලබා දෙමින් දැයේ වේගවත් සංවර්ධනයකට මගපාදන අතර පෙර නොවූ සුවිසල් රැකියා අවස්ථාවන් උත්පාදනය කරනු ලබයි. මෙම රැකියාවන්ගෙන් බහුතරයක් තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගත් රැකියා අවස්ථාවන් වේ. හෙට ලොව වෘත්තිකයකු ලෙස ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට නම් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුදුසුකම් ඔබ විසින් සපුරා ගත යුතුය.

SMIDF ආයතනය 2002 වර්ෂයේදී නොමිලේ පරිගණකයක් ප්‍රදානය කරන පරිගණක පාඨමාලාවන් ආරම්භ කරන ලද්දේ විශේෂයෙන්ම අගනුවරින් දුරබැහැර ප්‍රදේශවල සිටින දක්ෂ තරුණ තරුණියන් සඳහා තොරතුරු තාක්ෂණ ලොව දොරටු විවර කර දීමේ බලාපොරොත්තුව ඇතිවය. පරිගණක පාඨමාලාවක් හැදෑරුවද ප්‍රමාණවත් තරම් ප්‍රායෝගික දැනුම නොමැති කමින් බොහෝවිට එම තරුණ තරුණියන් සම්මුඛ පරීක්ෂණ වලදී අසමත් වන බව දක්නට ලැබුණු අතර නිවසේ පරිගණකයක් නොමැති කමින් මෙම තත්වය උගතවන බව හඳුනාගත හැකි විය. මෙයට විසඳුමක් ලෙස SMIDF තොරතුරු තාක්ෂණ පාඨමාලා හදාරන තරුණ තරුණියන්ට කිසිඳු කොන්දේසියකින් තොරව පාඨමාලාව අරඹන දිනම තම නිවසේ පෞද්ගලික භාවිතය සඳහා මමීඩියා පරිගණක පද්ධතියක් ප්‍රදානය කිරීම SMIDF තොරතුරු තාක්ෂණ ඒකකය මගින් සිදු කරන ලදී.

එමෙන්ම 2013 වසරේදී නව පාඨමාලාවක් ලෙස ජාත්‍යන්තර රැකියා අවස්ථාවන් උදාකර ගත හැකි Internet Money & E Commerce පාඨමාලාව හඳුන්වාදීමට අප උනන්දු වූයේ අපගේ තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් මනාව ප්‍රයෝජනයට ගනිමින් තම වැටුප ඩොලර් වලින් උපයමින් විදේශ විනිමය මෙරටට රැගෙන ආ හැකි මාර්ගයක් හඳුන්වාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය.රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා පෝලිම් වල නොසිට ස්වාධීන රැකියාවන් ලෙස අන්තර්ජාලය තුලින් ජාත්‍යන්තර රැකියාවන් වල නියලෙමින් තමන්ගේ ආදායම උපයාගැනීමට මෙම දැනුම ප්‍රයෝජනවත් වන අතර රැකියා නියුක්තිකයින් පාසල් හෝ උසස් අධ්‍යාපනයේ නිරත වන්නන් මෙන්ම ගෘහණියන්ටද තම නිවසේ සිටම අන්තර්ජාල රැකියාවක නිරත වෙමින් අමතර ආදායමක් උපයාගැනීමට මෙමගින් අවස්ථාව සැලසී ඇත.

එමෙන්ම සෑම වසරකම එක් කණ්ඩායමක් බැගින් ඉතා සීමිත දක්ෂ සිසුන් පිරිසක් තෝරාගෙන ඔවුන් ගුරුවරුන් ලෙස දැනුම, බුද්ධිය , ආකල්ප , නිපුණතාවයන් සංවර්ධනය කරමින් ඉංග්‍රීසි, දෙමළ හා පරිගණක යන විෂයන් 3 ම ප්‍රගුණ කල විනයගරුක ගුරුවරුන් ලෙස සමාජගත කරමින් ගුරු පුහුණු පාඨමාලාවක් පවත්වන එකම ආයතනය SMIDF බව කිව හැකිය.එමෙන්ම 2013 වසරේ සිට SMIDF අනුබද්ධිත SMIDF YOUTH CAMPUS මගින් දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටින හෝ පාඨමාලාවන් සඳහා පැමිණීමේ අපහසුතා ඇති පුද්ගලයින් සඳහා තම නිවසේ සිටම හැදෑරිය හැකි පරිගණක පාඨමාලාවන් සහ භාෂා පාඨමාලාවන් ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. SMIDF තොරතුරු තාක්ෂණ පාඨමාලාවන් හදාරා දැනට විවිධ වෘත්තීන් වල නියලෙන තරුණ තරුණියන්ටත් මෙම වසරේ තොරතුරු තාක්ෂණ පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේත් අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

අංශ ප්‍රධානි (තොරතුරු තාක්ෂණ ඒකකය)

Diploma in Microsoft Office (Duration – 04 months)

ගිණුම් ලිපිකරු, සාමාන්‍ය ලිපිකරු, පිලිගැනීමේ නිළධාරීන් හෝ කාර්යාලීය රැකියාවන්හි යෙදීමට බලාපොරොත්තු වන අයට සහ මුල සිටම පරිගණක දැනුම ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින් ඉලක්ක කරගෙන සැකසූ පරිගණක පාඨමාලාවකි. වෘත්තිකයින්ට මෙන්ම පාසල් සිසුන් සහ උසස් අධ්‍යාපනයේ නියැලෙන අයහට අවශ්‍ය වන නිබන්ධන, වාර්තා සැකසීම, දන්ත කලමණාකරණය ආදි අත්‍යවශ්‍ය විෂයන් ගණනාවක් මෙම පාඨමාලාව තුලදී අධ්‍යයනය කිරීමේ පහසුකම් සපයා ඇත.

ලියාපදිංචි ගාස්තුව :රු 785.00
ඇතුලත්වීමේ ගාස්තුව :රු 10500.00
මාසික ගාස්තුව :රු 1500.00

දෙවන මස අවසානයේ පුහුණුව ලබන සැමට නොමිලේ මල්ටිමීඩියා පරිගණකයක්

Diploma in Graphic Designing (Duration-06 month)

පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් නිර්මාණකරනයේ යෙදීමට කැමැත්තක් දක්වන රූපවාහිනී, පුවත්පත්,සහ දැන්වීම්කරණයේ යෙදීමට හෝ තමන්ගේම ව්‍යාපාරයක් වශයෙන් මුද්‍රණ ක්‌ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂක්ෂා කරන අය හෝ දිවයිනේ පිළිගත් මාධ්‍ය ආයතනයන්හි රැකියාවක නියැලීමට අපේක්ෂක්ෂා කරන අය සඳහා සුදුසුවන සේ සකස් කරන ලද පාඨමාලාවකි

ලියාපදිංචි ගාස්තුව :රු 785.00
ඇතුලත්වීමේ ගාස්තුව :රු 10500.00
මාසික ගාස්තුව :රු 1500.00

දෙවන මස අවසානයේ පුහුණුව ලබන සැමට නොමිලේ මල්ටිමීඩියා පරිගණකයක්

Diploma in Computer Hardware (Duration-04 month)

පරිගණක පද්ධති අලුත්වැඩියා කිරීම එකලස් කිරීම හා නඩත්තු කිරීම පිළිබඳ දැනුම ලබාගැනීමට හෝ පරිගණක තාක්ෂණික ශිල්පියෙකු ලෙස රැකියාවක නියුතුවීමට බලාපොරොත්තු වන අය හට සුදුසු වන සේ සකස් කල පාඨමාලාවකි

ලියාපදිංචි ගාස්තුව :රු 785.00
ඇතුලත්වීමේ ගාස්තුව :රු 10500.00
මාසික ගාස්තුව :රු 1500.00

දෙවන මස අවසානයේ පුහුණුව ලබන සැමට නොමිලේ මල්ටිමීඩියා පරිගණකයක්

Diploma in Multimedia & Video Editing (Duration-06 month)

ගුවන් විදුලි, රූපවාහිනී, චිත්‍රපට ආදියෙහි, ශ්‍රව්‍ය දෘෂ්‍ය සංස්කරණය, ගීත සඳහා රුප රචනය කිරීම හා ශ්‍රව්‍ය දෘෂ්‍ය වෙළද දැන්වීම්කරණයේදී ඇති අති විශාල රැකියා සඳහා ගැලපෙන ලෙස සකස් කල පාඨමාලාවක් වන අතර මාධ්‍ය ආයතනයක සේවය කිරීමට බලාපොරොත්තු වන හෝ දැන්වීම් කලාවේ නියැලෙන පුද්ගයින්ට අවශ්‍ය වන දැනුම ලබාගැනීමට සකස් කරන ලද පාඨමාලාවකි.

ලියාපදිංචි ගාස්තුව :රු 785.00
ඇතුලත්වීමේ ගාස්තුව :රු 10500.00
මාසික ගාස්තුව :රු 2000.00

දෙවන මස අවසානයේ පුහුණුව ලබන සැමට නොමිලේ මල්ටිමීඩියා පරිගණකයක්

Certificate in Internet & E Mail (Duration-03 month)

දේශීය හෝ විදේශීය උසස් අධ්‍යාපන කටයුතු, අන්තර්ජාල රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සහ සන්නිවේදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන අන්තර්ජාලය හා විද්‍යුත් තැපැල් භාවිතය පිළිබද දැනුම ලබාගත හැකි වන සේ සකස් කල පාඨමාලාවකි

ලියාපදිංචි ගාස්තුව :රු 785.00
ඇතුලත්වීමේ ගාස්තුව :රු 10500.00
මාසික ගාස්තුව :රු 2000.00

දෙවන මස අවසානයේ පුහුණුව ලබන සැමට නොමිලේ මල්ටිමීඩියා පරිගණකයක්

තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව

Trulli

Trulli

මෙම පාඨමාලාව වසර 03 ක බාහිර උපාධි පාඨමාලාවක් වේ.මෙහිදී එක් වසරකට අදියර 02 බැගින් අදියර 06 කින් තොරතුරු තාක්ෂණ උපාධියක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවන අතර පළමු වසර සම්පුර්ණ කිරීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල මගින් පිරිනමන ඩිප්ලෝමා සහතික පත්‍රයක්ද දෙවන වසර සම්පූර්ණ කිරීමෙන් තොරතුරු තාක්ෂණය පිළිබද උසස් ඩිප්ලෝමා සහතිකයක්ද තෙවන වසර සම්පූර්ණ කිරීමෙන් තොරතුරු තාක්ෂණ උපාධියද හිමිකර ගැනීමේ අවස්ථාව ලැබී ඇත.

ලියාපදිංචිවීම සදහා අවශ්‍ය අවම සුදුසුකම් හා පාඨමාලා ගාස්තු

FIT Foundation in Information Technology

අ.පො.ස සා/පෙළ පෙනී සිටීම හා ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම

කාලය මාස 06.
ඇතුලත්වීමේ ගාස්තුව රු:10000.00
මාසික ගාස්තුව රු:3000.00 X5

BIT Bachelor of Information Technology

උසස්පෙළ විෂයන් 03 ක් සමත්වීම හෝ FIT පාඨමාලාව සමත්වීම
(උසස්පෙල හදාරන හෝ නැවත පෙනී සිටීමට බලාපොරොත්තුවන අයටද අයදුකල හැක)

උපාධි පාඨමාලාව සම්පූර්ණ වීම සඳහා කාලය වසර 03 කි. එක් අදියරයක් මාස 06 බැගින් වූ අදියර 06 කි

එක් අදියරක් සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රු:10000.00
මාසික ගාස්තුව රු 3000.00 X 5

FIT සහ BIT පාඨමාලා සඳහා ඇතුලත්වන සෑම සිසුවෙකු සදහාම පළපුරුදු උපදේශවරුන්ගේ මග පෙන්වීම යටතේ උපකාරක දේශන සඳහා SMIDF තොරතුරු තාක්ෂණ ඒකකයේදී අවස්ථාව ලැබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වීම සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා අවශ්‍ය උපදේශකත්වය ආයතනය මගින් ලබාදෙනු ඇත.

Internet Money & E-Commerce

මෙම පාඨමාලාව කවුරුන් සඳහාද?

මෙම පාඨමාලාව නිවසේ සිටම ආදායමක් උපදවා ගැනීමට බලාපොරොත්තු වන පරිගණක භාවිතයේ සාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයින් සඳහා සකස් කර ඇත. එමෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නන්ට, නිවසේ සිටින ගෘහණියන්ට, පාසල් සිසුන් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට අමතර ආදායමක් උපයා ගැනීමට මෙමගින් හැකිවනු ඇත.

E-Money & E-Commerce (Duration-3 month)

තම නිවසේ පෞද්ගලික භාවිතය සඳහා පරිගණක පද්ධතියක් නොමැති හෝ පරිගනකයක් ඇති නමුත් එය නිසි පරිදි භාවිතා කරමින් අන්තර්ජාලය තුල ඇති සුවිසල් රැකියා අවස්ථා හදුනාගැනීමට නොහැකි අයවලුන් සඳහා මුල සිටම සරලව අන්තර්ජාලය භාවිතා කර ආදායම් උපයා ගැනීම පිළිබදව අධ්‍යයනය කිරීම සඳහා මෙම පාඨමාලාව සකස් කොට ඇත. පාඨමාලාව අතරතුරදී නිවසේ පෞද්ගලික පරිහරණය සඳහා සහ අන්තර්ජාලය ආශ්‍රිත රැකියාවන් කිරීම සඳහා අත්‍යවශය වන මල්ටිමීඩියා පරිගණක පද්ධතියක් නොමිලේ ප්‍රදානය කරන අතර කිසිදු මුදලක් වැය නොකර නිවසේ සිටම Ads click, Form Filling, Data entry, Web research, Blog & Article Writing Copywriting, Translation, Technical Supports, Advertising, online Marketing & Research , Accounting, Book Keeping,Graphic Design, Logo Design, Illustrations, Presentation, Software Development, Web Design, Web Developing, වැනි රැකියාවල යෙදි මාසිකව අවම රු 25000/= සිට අසීමිතව මුදල් උපයන්න. එදිනම රැකියාවන් සඳහා ලියාපදිංචි කිරීම, ජාත්‍යන්තර Online බැංකු ගිණුමක් විවෘත කිරීම, ජාත්‍යන්තර Master Card සඳහා අයදුම්කිරීම සිදුකරන අතර ඔබ උපයන මුදල් ඔබගේ බැංකු ගිණුමට ලබාගැනීමේ නිවැරදි ක්‍රම සහ අන්තර්ජාලය මගින් විවිධ භාණ්ඩ අඩු මුදලකින් ලංකාවට ගෙන්වා ගැනීම සහ අලෙවිකිරීම පිළිබදව මෙහිදී පුහුණුව ලබාදෙනු ඇත.

ලියාපදිංචි ගාස්තුව රු: 785/= ඇතුලත්වීමේ ගාස්තුව රු 10500/= මාසික ගාස්තුව රු:1500/=

E-Money & E-Commerce (Duration-2 days)

පාඨමාලාවට ලියාපදිංචි වීමෙන් පසු සරල තෝරාගැනීමේ පරීක්ෂණයක් සඳහා පෙනී සිටීම ට සිදුවන අතර එම පරික්ෂණයෙන් සමත් වන අයවලුන් පමණක් දෙදින වැඩමුලව ට සහභාගී වීමට සුදුසුකම් ලබයි දෙදින වැඩමුලුව විශේෂයෙන් සකසා ඇත්තේ පරිගණකයක් හිමි, පරිගණක ක්ෂේත්‍රයේ මූලික දැනුමක් හා හැකියාවක් ඇති විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමේ මූලික හැකියාවක් ඇති තරුණ තරුණියන්ට සුදුසුවන අයුරින් වන අතර අන්තර්ජාලය භාවිතයෙන් ආදායම් උපයාගැනීම සඳහා වන PTC(Ad Click), Web research, Fom filling, Data entry job, Article writing, Blog Design, google Absence, Web design ,Web affiliate, SEO ආදී ක්‍රම ගණනාවක් පිළිබඳව දැනුම ලබාගත හැකි අතර ජාත්‍යන්තර ගිණුමක් සකස්කර ගැනීම සහ උපයන මුදල් ජාත්‍යන්තර මාස්ටර් කාඩ් ජාත්‍යන්තර බැංකු ගිණුම් හෝ චෙක්පත් මගින් ලංකාවට ගෙන්වාගැනීම අවශය දැනුම මෙම වැඩමුලුව තුලදී ආවරණය කරයි.

ලියාපදිංචි ගාස්තුව රු: 785/= පාඨමාලා ගාස්තුව රු6500/=
(දිවා ආහාරය, සවස තේ සහ ලිපි ද්‍රව්‍ය සහිතයි)

පාඨමාලාව හැදෑරීමෙන් පසු

මෙම E-money & E-Commerce පාඨමාලාව සාර්ථකව හැදෑරු බවට පුහුණුව අචසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ඇත.