දින 15 පාඨමාලාව

හෙද සහායක තනතුර සඳහා පුහුණුකර රැකියා ගත කිරීම.

පුහුණුව සඳහා බඳවාගන්නා සියළුම ශිෂ්‍යාවන් දින 15 ක කඩිනම් පුහුණුවකින් පසු ඉහත තනතුර සදහා අනියුක්ත කරණු ඇත. මෙම තනතුරට අදාල මාසික දීමනාව රු: 17000/= සිට 45000/= දක්වා වන අතර පරිවාස කාලයෙන් පසු සේවක අර්ථසාදක අරමුදලේ (EPF) හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ (ETF) සාමාජිකත්වය ඔබට හිමි වනු ඇත. නේවාසික පහසුකම්, පැමිණීමේ දීමනා, අතිකාල දීමනා ණය පහසුකම් අවමංගල්‍යාධාර හා පැය 24 පුරා හදිසි අනතුරු රක්ෂණාවරණයක් ඇතුළු විශේෂ පහසුකම් රාශියක් මෙම තනතුර සඳහා හිමි වනු ඇත.

සමාගම් පනත යටතේ සංස්ථාවක් ලෙස නීතිගත කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනමේ (S.M.I.D.F) අනුබද්ධිත ආයතනයක් වන “වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය” දැනට දිවයිනේ පැරණිතම හා විශාලතම හෙද විද්‍යාලයක් වශයෙන් සැලකෙන අතර වසර 17 ක කාලයක් පුරා වැඩිම හෙදියන් පිරිසක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායාද කල ආයතනයක් වේ. එමෙන්ම වර්ථමානයේ උග්‍ර ගැටළුවක්ව ඇති නුපුහුණු කාන්තාවන් විදෙස්ගත වීමෙන් පැන නැගී ඇති ගැටළුවලට පිළියමක් වශයෙන් විදෙස්ගත වී උපයන මුදලට සමාන මුදලක් මෙරටදී උපයා ගැනීමට හැකියාවක් ඇති ඉහත රැකියා අවස්ථාවන් සඳහා තරුණියන් සහ කාන්තාවන් පුහුණු කර රැකියාගත කිරීම මෙම පුහුණු වැඩසටහනේ මූලික ඉලක්කය වේ.

පුහුණු කාල සීමාව තුල

  • හෙද විදුහල තුල ආරක්ෂිත නේවාසික පහසුකම්
  • පරිගණක භාවිතය පිළිබඳ මූලික පුහුණුවක් (Ms Ofice) නොමිලේ
  • එදිනෙදා භාවිතයේදී අතවශ්‍යවන ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ පුහුණුවක් නොමිලේ

අතිශය කාර්ය බහුල වර්ථමාන සමාජ රටාව තුළ විශේෂයෙන් නාගරික ප්‍රදේශයන් තුල ජීවත්වන බොහෝ පිරිස් තම දූදරුවන්ගේ, මවුපියන්ගේ හෝ තමන්ගේ රෝගී තත්වයන් තුලදී පෞද්ගලික රෝහල් වෙත ගොස් ප්‍රථිකාර ලබා ගැනීමට යොමුවීම ඉතා බහුලව දක්නට ලැබෙන අතර රජයේ රෝහල් තුලදී සිදුවන ප්‍රමාදය, නොසලකා හැරීම හා අඩු පහසුකම් තුලදී ලබා දෙන සේවයට සාපේක්ෂව ඉක්මනින්, පහසුවෙන් හා සුහද සේවාවක් පෞද්ගලික රෝහල් තුලදී ලබාගැනීමට හැකි වීම මෙම තත්වයට ඉවහල් වේ.එමෙන්ම මෙම පිරිස් රෝහල් ගත වීමේදී තම තමන්ගේ රෝගීන් රැකබලාගැනීම සඳහා රෝගියා වෙනුවෙන්ම වෙන්වූ පුහුණුව ලද හෙදියකගේ සේවය අපේක්ෂා කරන අතර රෝහලේ රෝගියා සිටින කාලය පුරාම එම හෙදියගේ සේවය ලබාගැනීමත්, රෝගියා රෝහලෙන් බැහැරව නිසි සුවය ලැබෙන තුරු නිවසේදී ප්‍රථිකාර ලබාගැනීමට හා රැකබලා ගැනීම සඳහා එම හෙදිය ඉල්ලුම් කිරීමත් බහුලව සිදුවේ. ඉතා ඉහල වැටුපක් ලබාගත හැකි මෙම තනතුර සදහා අ.පො.ස ( සා.පෙළ දක්වා උගත් වයස අවුරුදු 18 -45 අතර කාන්තාවන්ට ඉතා ඉහල ඉල්ලුමක් ඇති අතර නිසි පුහුණුවක් ලබා දෙමින් එම පිරිස රැකියාගත කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම (S.M.I.D.F) අනුබද්ධිත වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය මගින් මෙම කෙටිකාලීන පුහුණු වැඩමුලුව පවත්වනු ලැබේ.

රැකියාවේ ස්වභාවය

  • දිගුකාලීනව රෝහල් ගතව සිටින රෝගීන් මෙන්ම නේවාසිකව ප්‍රථිකාර ලබොගැනීමට නිවෙස් වෙත යොමු කරන ලද රෝගීන් සදහා පලපුරුදු වෛද්‍යවරුන්, හෙද සොයුරියන්, හා හෙද පාලිකාවන් ගේ අධීක්ෂණය යටතේ හෙදියකගෙන් ඉටුවිය යුතු සියළුම රාජකාරී කටයුතු සිදුකිරීම මෙහිදී අදාල වේ.

පුහුණු කාලය

මෙම වැඩමුළුවේ පුහුණු කාලය දින 15 කි. මෙය පූර්ණකාලීන නේවාසික පුහුණුවක් වන අතර පුහුණු කාලය පුරා සියළුම සිසුවියන් හට ආයතනයේ නේවාසික පහසුකම් සහන මිලට ලබා දෙනු ඇත. පුහුණු කාලය තුළදී දේශන සහ ප්‍රායෝගික අවස්ථාවක් සමගින් සතියකට දින 06 ක් පෙ:ව 8.00 සිට ප.ව 6.00 දක්වා පුහුණුව පැවැත්වේ.

නොමිලේ පවත්වන විෂයානුබද්ධ ඉංග්‍රීසි පාඨමාලාව හා ඉංග්‍රීසි භාෂාව කථා කිරීම් පාඨමාලාව

හෙද සේවයේදී භාවිතා වන විෂයානුබද්ධ පාරිභාෂිත යෙදුම් (Medical Terms) ඇසුරින් සකස් කල ඉංග්‍රීසි ව්‍යාකරණ ඇතුලත් විශේෂ ඉංග්‍රීසි පුහුණුවක් සමග එදිනෙදා ජීවිතයේදි හෝ හෙද සේවයේ ඉහලට ගමන් කිරීමේදී හා ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලබාගැනීමේදී හෝ විදේශීය වෛද්‍යවරුන් සමග කටයුතු කිරීමේදී අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ මූලික හැකියාව මෙම පාඨමාලාව තුලින් ලබාදෙනු ඇත.

නොමිලේ පවත්වන මූලික පරිගණක පුහුණුව

මෙය මුලික පරිගණක පුහුණුවක් වන අතර හෙද පුහුණුවට අමතරව මෙම පාඨමාලාව කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව න්‍යායාත්මකව සහ ප්‍රායෝගික වශයෙන් සියළු ශිෂ්‍යාවන් හට ලබා දෙනු ඇත.

සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණෙන විට ඔබගේ

  1. උත්පැන්න සහතිකය
  2. ජාතික හැදුනුම්පත/තැපැල් හැදුනුම්පත
  3. ග්‍රාම නිළධාරි සහතිකය
  4. අධ්‍යාපන සහතික
  5. මෑතකදී ලබාගත් චරිත සහතික දෙකක්
  6. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුවහොත් හෙද සිසුවියක වශයෙන් ලියාපදිංචි වීමට හා ශිෂ්‍ය අත්පොත ලබා ගැනීම සඳහා රු:1950/= මුදලක් රැගෙන පැමිණිය යුතුය.

පුහුණු ගාස්තුව

සම්මුඛ පරීක්ෂණ දිනයේදී පුහුණු ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ඇතුලත් වීමේ දිනය හා පුහුණු ගාස්තු ගෙවියුතු දිනය සම්මුඛ පරීක්ෂණය සමත්වූ පසු දැණුම් දෙනු ඇත.එම පුහුණු ගාස්තුව පහත සඳහන් අයුරින් කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.(එනම් ඇතුලත්වීමේ දිනයේදී රු.3500/=ක මුදලක් සහ දේශණ ආරම්භවන දිනයේ රු.3000/=ක මුදලක්ද පාඨමාලාව අවසානයේ රැ.3000/= ක මුදලක් රැකියාවට යොමුකිරීමෙන් අනතුරුව පළමු මස වැටුපෙන් රු4000/= වශයෙනි)

සැ:යු: වෙනත් හෙද පාඨමාලාවක් හදාරා තිබීම, හෙද සේවයේ රැකියාවක් කර තිබීම හෝ උපස්ථායක සේවයේ පලපුරුද්දක් තිබේනම් සම්මුඛ පරීක්ෂණයෙන් පසු රැකියා අවස්ථා සදහා එදිනම යොමු කරණු ඇත.

සම්මුඛ පරීක්‍ෂණය සදහා

අංක 46/A, මීගමු පාර, කුරුණෑගල යන ස්ථානයේ පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනමේ (S.M.I.D.F), නගර කාර්යාලයට වාර්තා කල යුතුය.