• ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙරගමන්කරු | දැක්ම - හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් | මෙහෙවර - ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත
සංවර්ධන පදනම (SMIDF)



වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය


එක් වසරක පාඨමාලාව


ස්වයං රැකියා


දෙදින වැඩමුළුව



සිහල FM


හෙළ සාරධර්ම, සභ්‍යත්වය සහ
සංස්කෘතිය සුරැකීම උදෙසා



සුළු හා මධ්‍ය පරිමාණ
කර්මාන්ත සංවර්ධන පදනම

හැඳින්වීම

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම (SMIDF) 1998 වර්ෂයේදී ඉතා කුඩා ආයතනයක් වශයෙන් ආරම්භ කරන ලදී. මුල් අවධියේදී අඩු ආදායම් ලබන රැකියා විරහිත ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමේ අරමුණින් හා ව්‍යාපාරිකයන් වශයෙන් ඔවුන් ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයද සහිතව ස්වයං රැකියා වැඩමුළු ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීම මූලිකව සිදු කරන ලදී. එම ස්වයං රැකියා වැඩමුළු මගින් බිහි වූ දක්ෂ ව්‍යාපාරිකයින් අතර අපනයන වෙළදපල දක්වා ගමන්කල ව්‍යාපාරිකයන් ද බිහි වී සිටීම අප ආ ගමන් මගේ සුවිශේෂී සංධිස්ථානයකි.


SMIDF ස්වයං රැකියා අංශය යටතේ පවත්වන පුහුණු වැඩමුළු සඳහා සහභාගී වී තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරන අංකුර ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදේ. ඉන් අනතුරුව එම පිරිසගේ හා ග‍්‍රාමීය ප‍්‍රදේශ වල තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවයට පිළියමක් ලෙස SMIDF වෘත්තීය පුහුණු අංශය ආරම්භ කරන ලදී. ඒ යටතේ හෙද / හෙද සහාය / හෙද සහායිකා, ගෘහස්ත හෙද සේවය, ගුරු පුහුණු අංශය, තොරතුරු තාක්‍ෂණ අංශය, භාෂා අධ්‍යන අංශය යන අංශයන් මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.

අපගේ පාඨමාලා


අපගේ සේවාවන්

වර්ථමාන කාර්ය බහුල සමාජයේ බාල, තරුණ, මහළු විශේෂත්වයකින් තොරව ජංගම දුරකථන භාවිතා කිරීම සුලබ දසුනක්ව ඇත. නිවසේ සිට හෝ රාජකාරිය අතරතුර ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් පුවත්, ගීත හෝ විනෝදාත්මක වැඩසටහන්, කාලීන වැඩ සටහන් නැරඹීමෙන් හෝ සවන් දීමේ හැකියාව වර්තමාන සමාජයෙන් දුරස්වෙමින් පවතී. නමුත් නිරතුරු තම සුරතේ රැදී තිබෙන ජංගම දුරකථනය මඟින් මෙම සියළු වැඩසටහන් සවන්දීමට සහ නැරඹීමට සිහළ FM රේඩියෝව මඟින් හා සිහළ FM YouTube නාලිකාව මඟින් අවස්ථාව උදා වී ඇත. එමෙන්ම ඉතා ගුණාත්මක සහ වැඩදායි වැඩසටහන් අසන්නන් සහ නරඹන්නන්හට ලබා දීම මඟින් වර්තමානයේ පරිහානියට ලක්ව ඇති හෙළ සාරධර්ම, සභ්‍යත්වය සහ සංස්කෘතිය සුරැකීම සිහළ FM අපගේ මූලික ඉලක්කය හා අරමුණ වේ.


තව කියවන්න

පුවත් සහ කාලීන සිදුවීම්

test
SMIDF 51 Batch Capping Ceremony
SMIDF 51 Batch Capping Ceremony
SMIDF Nurses vocational Training academy 50 batch ( 2021-2022 )

වීඩියෝ ගැලරිය

සිසුන් අප ගැන දැක්වූ අදහස්